උදභිද නාමය - Ocimu
tenuiflorum
අතීතයේ පටන් මදුරුතලා
මදුරු උවදුරෙන් බේරීමට ගත හැකි බෙහෙතක් ලෙස ප්‍රයොජනයට ගෙන තිබේ. වල් පැළෑටියක්
ලෙස වැඩෙන මේවා අතීතයේ මිනිසුන් ගලවා ගෙනැවිත් හොදින් තලා දුම් අල්ලනු ලැබුවා. මෙයින් නැගෙන දුම් මදුරුවන්ට
විෂ සහිතය.මෙම ශාකයේ පත්‍ර තලා යුෂ ශරීරයේ ආලේප කිරීමෙන් මදුරුවන් දෂ්ට කිරීමෙන් බේරීමට හැකි කදිම ඖෂධයකි.
මෙම
පැළෑටිය අපේ රට තුල වල් පැළෑටියක් ලෙස පිළිගැණුනත් ඉන්දියාවේ නම් එය එසේ නොවේ. එය ඉන්දියානුවෝ
දේවත්වයෙන් සලකන ශාකයකි. ඉන්දියාවේ ‘තුසිත්’ යනුයවන් හදුන්වන
මෙම පැළෑටිය ක්‍රිෂ්ණා දෙවියන් විසින් වගා කළ බව ඔවුන්ගේ මතයයි.
මෙහි
පත්‍ර වටේ තිබෙන බූවෙහි රාසායන සංයෝග නාහයට යාම මඟින් කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව
වැනි රෝගවලින් මිදීමට හැකිබව ද තහවුරු වී තිබෙයි. එමෙන්ම සර්ප දෂ්ටකිරීම්,වමනය හා ආමාශික රෝග වලටද මෙය ඖෂධයක් වේ.
ලංකාව තුල මදුරුතලා වර්ග කිහිපයක් දක්නට ලැබේ. හීන් මදුරුතලා, මහ මදුරුතලා, කළු මදුරුතලා, ගස්තලා ඒවානම් වේ. මෙම ශාකය පිළිබද පර්යේෂණ පවත්වන ඉන්දියානු පර්යේෂකයෝ පවසන්නේ මදුරුතලා වලට ජලයේ ඇති ෆ්ලෝරයිඩ් ඉවත්කිරීමේ ගුණයක් ඇතිබවත් ඔවුන් පෙන්වාදෙයි.
ඔබත් ගෙවත්තේ ඇති වල් පැළෑටි ගලවා දැමීමට පෙර මොහොතක් සිතන්න එය වටිනා ඖෂධයක් විය හැකිය.

Comments
Post a Comment